Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ද. ආසියානු ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු රෝහල් ගත කෙරේ

Must read

මේ දිනවල නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගී වූ ශ්‍රීලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙනකු උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්ථා වෙයි. කත්මණ්ඩු නුවර ඇති සීතල හා දූවිලි ස්වභාවය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔරොත්තු නොදීම හේතුවෙන් මෙසේ රෝගී වී ඇති බවද වාර්ථා වෙයි.

කෙසේ වෙතත අනිවාර්ය පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ද රෝගී වූ අය අතර සිටීන බව වාර්ථා වන අතර විශේෂයෙන් රෝගී වූ ක්‍රීඩිකාවන් වෙනුවට ආදේශ කල ක්‍රීඩිකාවන් අදාළ ඉසව් වින් රන් පදක්කම් දිනගැනීමේ අවස්ථාද පසුගිය දින දෙක තුලදී මාධ්‍ය විසින් වාර්ථා කර තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article