පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් විපතට පත් වූ ජනතාවට සහන ලැබී ඇති බවට විශ්වාසය පල කරන බව ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙම අදහස් පල කලහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ ප්‍රකාශ කර සිටියේ සිද්ධියෙන් විපතට පත්වුවන්ට ලබාදීම සඳහා මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන ලේකම්වරයා ඩොලර් මිලියන පහක ආධාර මුදලක් රජයට ලබා දී ඇති බවයි.