ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව තවත් විශේෂ වැඩසටහනක් ඊයේ (26) යාපනය නගරයේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඞ්, නාගරික කොමසාරිස් ජේකිලන් යන මහත්වරුන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටිනු දැකගන්නට ලැබිණි. වැඩසටහන ක්‍රියාත්මක වූයේ පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ ඝෘජු මැදිහත් වීමෙන් සෞඛ්‍ය පරික්ෂකවරු හා නගර සභා කම්කරුවන්ගේද සහභාගිත්වයෙනි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකත්වය දරන යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ් මහතා මෙම වැඩසටහන සමඟ සක්රීයට කටයුතු කරනු දැකගන්නට හැකිවූ අතර පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදුකම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලූදෙනාගේම වගකීමක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.