ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු.පිතිකරණ පුහුණුකරු,පන්දු යැවීමේ පුහුණු කරු හා පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු සදහා පත් කිරීමට නියමිත පුහුණුකරුවන් ලබන මාසයේ සිට සිය ධූරයන්ගේ වැඩ භාර ගැනීමට නියමිත බව වාර්ථා වෙයි.
ඒ අනුව ප්රධාන පුහුණුකරු වශයෙන් ද. අප්රිකානු ජාතික මිකී ආතර් මහතාද, පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් ඩේවිඩ් සාර්කර් මහතාද , පිතිකරණ පුහුණුකරු වශයෙන් ග්රාන්ට් ෆ්ලවර් මහතාද , පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ෂේන් මැක්ඩර්මෝට් මහතාද කටයුතු කිරීමට නියමිතය.
ප්රධාන පුහුණුකරු හා සහය පුහුණුකරුවන් තිදෙනා වසර 2ක කාලයක් සදහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර මාසික වේතනයට අමතරව සියළුම පහසුකම් ශ්රී ලංකා ක්රිකට් අායතනය විසින් ලබාදීමටද කටයුතු කර ඇත