Thursday, November 28, 2024

ජනාධිපති අරමුදල දුප්පත් ජනතා අවශ්‍යතා වෙනුවෙන් පමණයි – ජෙනරාල් මහේෂ් සේනානායක

Must read

ජනාධිපති අරමුදල දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණක් මිස කිසිදු මන්ත්‍රීවරයෙකුට එමගින් කිසිදු මුදලක් ලබා ගැනීමේ අවස්ථාවෙනක් නොදෙන බව තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක් හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

එමෙන්ම ළගම රෝහල හොදම රෝහල බවට පත් කරමින්ද,රෝගයක් වැළදීමට පෙර එය වළක්වා ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ පුළුල් වැඩ පිළිවෙලක් දියත් කිරීමටත්,  දිවයිනේ සියලුම රෝහල් වැඩි දියුණු කරමින් ග්‍රාමීය ජනතාවට ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි තත්වයක් ඇති කිරීමත්,රෝහල්වලට අවශ්‍ය ඹෞෂධ වර්ග කිසිදු අඩුවකින් තොරව ලබා දීමටත්, ඹෞෂධ මාෆියාව වළක්වා ගනිම්න් එම ක්ෂේත්‍රය යටතේ සුවිශේෂි වැඩ පිළිවෙළක් දියත් කිරීමටත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article