Monday, November 25, 2024

ගෝඨාට සහාය නොදුන්නොත් අම්බානෙක කන්නවෙයි – සබ්‍රිගේ තර්ජනයට මරික්කාර්ගෙන් ප්‍රතිචාර

Must read

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රැස්වීමක් අමතමින් ඒ මහතාගේ නීතී උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝලනයට ලක්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“මෙතුමා මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරලා ඉවරයි. ඒනිසා මුස්ලිම් ජනතාව ඒකෙ කොටස්කාරයෙක් වෙන්න ඕනෙ. නැත්තං අම්බානෙක කන්න වෙන්නෙ’ කියලා. ජනාධිපති නීතීඥයෙක් වෙන අලි සබ්‍රි මහත්තයා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුරයක් හෝ ඊට වඩා තනතුරක් බලාපොරොත්තුවෙන් මේ වගේ මුස්ලිම් ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධව අපි කණගාටුවට පත් වෙනවා.

මේ මම කියපු එකක් නෙවෙයි, එතුමාගේ වීඩියෝවේ තියෙන කතාවක්. එතකොට මුස්ලිම් ජනතාවට අම්බානෙක කන්න වෙනවා කියන්නෙ මොකද්ද ? ඡන්දෙ දෙන්න ගෝඨාභය රාජපක්ෂට – නැත්තං අම්බානෙක කන්න වෙනවා ! එතුමන්ලා මෙහෙමද මුස්ලිම් ජනතාවගෙ ඡන්දය ගන්න හදන්නෙ ? එතුමලා එහෙනම් කරන්න තිබ්බෙ මේ රටේ පල්ලි කඩන්නෙ නෑ, ආගම්වාදය පතුරුවන්නෙ නෑ, මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරවලට හානි කරන්නෙ නෑ, මුස්ලිම් ජනතාවට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවා කියලා ඒවගේ ප්‍රචාරක ක්‍රමයක් කරන්න තිබ්බා.

දැන් මේ තර්ජනය කරලා, ඡන්දෙ දුන්නෙ නැත්තං ගහනවා කියලා ආණ්ඩු බලය ගන්න කලින්ම මෙහෙම නම් ආණ්ඩු බලය ගත්තොත් කොහොම වෙයිද ? මේකෙන්ම පේන්නෙ මොකද්ද, වැරදිලා හරි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කෙරුවොතින් මිලිටරි ජුන්ටාවක් සහිත මහා භයානක යුගයක් නැවත මතුවෙන්න හදනවා කියන එකයි. ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

(LNW)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article