අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ෂණය කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්ථාව ඇද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම විමර්ශණ වලදී ප්‍රහාරය සදහා වගකිව යුතු නිලධාරීන් හදුනාගෙන අැති අතර ප්‍රධාන නිර්දේශයන් කිහිපයක්ද එමගින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වෙයි.
තේරීම්කාරක සභාවේ සාමාජික නලින්ද ජයතිස්ස මහතා මින් පෙර අවස්ථාවකදී සදහන් කර සිටියේ ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයේ ඇති අඩුපාඩු සම්බන්දයෙන් වගකියුතු නිලධාරීන් කිහිපදෙනෙකු හදුනාගත ඇති බවයි.
එමෙන්ම එම වාර්තාව මගින් ජාතික ආරක්ෂාව,වාර්ගික සමගිය හා සහජීවනය සම්බන්දයෙන් නිර්දේශ ඉදරිපත් කර ඇති බවද වාර්ථා වෙයි.