පාකිස්ථානයේදී කරච්චි හා රාවල්පින්ඩි යන ක්‍රීඩාංගන වල දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය තීරණය කරඇති බව වාර්තා වෙයි.
මේ වන විට ක්‍රීඩා කීරීම සදහා සුදුසු ආරක්ෂක වාතාවරණයක් පාකිස්ථානයේ ඇති බැවින් ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්ථානය විසින් ශ්‍රීලංකාවට ආරාධනා කර ඇත.
ක්‍රීඩකයන් ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ශික කොන්ත්‍රාත්තුවකට අත්සන් කර ඇති බැවින් ශ්‍රිලංකා නියෝජනය කරමින් අන්තර්ජාතික ක්රිකටබතරග සදහා ක්‍රීඩා කීරීමට ශ්‍රීලංකා ක්‍රීඩකයන් බැදී සිටියි.
මෙරට නියෝජනය කරන අතරතුර වෙනත් ලීග් තරග හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වීමට ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනය වෙතින් “විරෝධතාවක් නොමැති” බවට වන සහතිකයක් ලබාගත යුතු වන අතර, පාකිස්ථාන සංචාරය සදහා එක්නොවන ක්‍රීඩකයන්ට එම සහතිකය ලබානොදීමට ශ්‍රීලංකා ක්‍රිකට ආයතනය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.එමෙන්ම මෙවර සංචිතය නම් කිරීමට පෙර සංචාරය සදහා ක්‍රීඩකයන්ගේ කැමැත්ත විමසීසක් සිදුනොකරනු ඇතැයි වාර්තා වෙයි.