IOC සමාගම විසින් එම සමාගමේ ඉන්ධන වර්ග දෙකක මිල පහත දැමීමට ඊයේ (10) කටයුතු කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක හා යුරෝ ත්රී වර්ගයේ පෙට්රල් ලීටරයට මිල රුපියල් 2 බැලින් පහත දමා ඇත.
එමෙන්ම ඉන්ධන මිල සූත්රයට අනුව ඊයේ දිනයේදී ලංකා ඛනිඡ සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවය යුතු වුවද ලෝක වෙලද පොළේ බොරතෙල් බැරලයක මිල ස්ථාවර වීම හේතුවෙන් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකිරීමට මුදල් අමාත්යංශය තීරණය කර තිබිණි