මෙවර ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක් පමණ ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ (ක්රම සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට හැකි ගණන සම්බන්දයෙන් මේ වන තෙක් ප්රකාශයන් සිදුකල නොහැකි බවත් . සුදුසුකම් සපුරා නොමැති සහ අසම්පූර්ණ අයැදුම්පත් ප්රතික්ෂේපිත කෙරෙන බවත් ඒ මහතා සදහන් කරයි.
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම් සිදුවන්නේ මෙම මස 31 වැනිදාත් ලබන මස 1 වැනිදාත් යන දෙදින තුළය.