ශ්‍රීලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවක ක්‍රීඩකයන්ගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කීරීම් වල පළමු ස්ථානයේ සිටින ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම මේ ආකාරයෙන් නවක ශ්‍රීලාංකික ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්විය.
ආරක්ෂක හේතූන්මත පාකිස්ථාන සංචාරයට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් හේතුවෙන් නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් පාකිස්ථානය බලා පිටත්විය. නමුත් මේ වන විට ලෝක ක්‍රීකට් ප්‍රේක්ෂකයන් පවා පුදුම කරමින් දසුන් ශානකගෙන් නායකතවයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ලබාගත් පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් වී ඇත.