ඊයේ (19) පස්වරුවේ පවත්වන ලද විශේෂ කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සදහා අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ගෙන ආ යෝජනාවට ඇමතිවරුන් සිය විරෝධය පල කර ඇති බව වාර්තා වෙයි.
සිවිල් සංවිධාන වල ඉල්ලීමක් බව පවසමින් අගමැතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට පක්ෂව රවී කරුණානායක ,සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක් පක්ෂව අදහස් දක්වා ඇති අතර අනිකුත් ඇමැතිවරුන් යෝජනාවට විරුද්ධව අදහස් දක්වා ඇත.