Tuesday, November 26, 2024

පැය 36කින් මිනිසුන් මිලියන 80ක් මරණයට පත් කල හැකි වසංගතයක් පැතිර යාමේ අවදානමක්

Must read

මින් පෙර මෙම උණ වෛරසය පැතිර ගිය අවස්ථාවක හමුදා රෝහලක ඡායාරූපයක්

“ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන අතිශය භායානක උණ වසංගතයක් නැවතත් පැතිර යාමේ අවදානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු  අගවා ඇත. මෙම උණ වෛරසය මීට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය.වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි ප්‍රථිපලය භයානක වනු ඇති බව වෛද්‍ය විශේෂඥයින් සදහන් කරයි.ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කිරීමේ හැකියාවක් මෙම උණ වසංගතය සතු බව වාර්ථා වෙයි.

මේ වන විට ලෝකය පුරා පැතිරෙමින් පවතින ඉබෝලා වසංගතය වැනි රෝග පාලනය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග මේවැනි වසංගතයක් නතර කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද එම වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

මේ වන විට මෙම තත්වය පිළිබදව ලෝක නායකයින් දැනුවත් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් විශේෂ වාර්තාවක් සකස් කර ඇති අතර එය ලෝක නායකයික් වෙත ලබාදීමද පසුගියදා සිදුවිය. හිටපු නෝර්වීජියානු අගමැති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Bro Harlem Brundtland සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු ක්‍රෙසන්ට් සංගම්වල මහලේකම් Alhadj As Sy ඇතුළු විශේෂඥයින් පිරිසක් මෙම වාර්තාව සකස් කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article