පසුගියදා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිදුවීම උදාහරණයකට ගනිමින් දරුවන් අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.