ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ විමර්ෂණ කටයුතු හෙට (03) වනදා සිට ආරම්භ කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනයේදී ක්‍රිකට් ආයතනයේ සභාපති,ලේඛම්,භාණ්ඩාගාරික ඇතුළු ඉහළ නිලධාරීන් ඒ සදහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය.
ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් හෙට මෙම කෝප් කමිටුව මග හැරීමට මානබලමින් සිටින බවද මින් පෙර මාධ්‍ය විසින් අනාවරණය කරන ලද අතර මින් පෙර ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේදී අනුමත නොවුන විගණන වාර්තාවද විශේෂ මහා සභා රැස්වීමේදි අනුමත කරගැනීමට නිලධාරීන් සූදානමින් පසුවන බවද වාර්තා වෙයි.