Monday, May 19, 2025

සදානන්දම් රඝුවරන් විසින් රචිත කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘ප්‍රසවම්’ එළිදැක්වෙයි

Must read

කල්මුණේ නාර්පිටිමුනෙයි ලේඛක සදානන්දම් රඝුවරන් විසින් රචිත කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘ප්‍රසවම්’ එළිදැක්වීමේ උත්සවය ඊයේ ඉරිදා පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සරවනමුතු නවනීදන් මහතා සහභාගී විය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පළාත් සහකාර කොමසාරිස් K.L. M. මුසම්මිල් මහතා, ප්‍රසිද්ධ ලේඛිකා උමා වර්ධරාජන්, කල්මුණේ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්. රමේෂ් ඇතුළු බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අග්නිදිග විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සංජීව සිවකුමාර් විසින් මෙහෙයවන ලදී.

කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් කොට්ඨාශ ගුරුවරයෙකු ලෙස සේවය කරන සදානන්දන් රඝුවරන්ගේ පළමු සාහිත්‍ය කෘතිය මෙය වීම විශේෂත්වයකි.

ගජනා චන්ද්‍රෙබා්ස් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article