Tuesday, March 4, 2025

කොළඹ කල්මුනේ බස් රථයට ඕට්ටමාවඩි ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයක් !

Must read

කොළඹ-මඩකලපු  ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකට වන අලියෙකු පහර දීමෙන් බස් රථයට හානි සිදුව තිබේ.

කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ඊයේ (28/01) රාත්‍රියේ ඔට්ටමාවඩි  තියාවත්තවන් ප්‍රදේශයේදී වන මෙසේ අලියෙකු පහර දී ඇත.

තිරුමාල සිට කල්මුනේ දක්වා ගමන් කරමින් සිටියදී, තියාවත්තවන් ප්‍රදේශයේ අලි රංචුවක් දුටු විට ඔහු බස් රථය නැවැත්වූ අතර, අලියා බස් රථයේ ඉදිරිපසට පහර දි ඇත

නැගෙනහිර ප්‍රදේශයේ ජලගැලිම් තත්වයන් පැවතිම නිසා වන අලින්ට කෑම සපයා ගැනිම ගැටළු සහගත වි තිබිම හේතුවෙන් අලි රංචු පිටින් ගම්වැදි තිබුණි.
මේ තත්වයට මුහුණ දිම සදහා දැනට සති දෙකක පමණක සිට ගම්වැසින් එක්ව වට්ටස්ඇප් ගෲප් මගින් පනිවිඩ හුවමාරු කරගනිමින් ගම් වදින වන අලින් වෙඩ් ගසා පළවා හැරිමට කටයුතු කර ඇත.
මෙසේ වෙඩි ගැසිම් නිසා පාරට පැමිණි අලි රංචුව කොළඹ කල්මුනේ බස් රථයට පහර දි ඇතැයි ඒ පළාතේ මාධ්‍යවේදියෙකු අප කල විමසුමකදි කියා සිටියේය

මෙම සිද්ධියේදී බස් රථයේ සිටි කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සැලකිය යුතු කරුණකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article