Friday, September 20, 2024

ජනාධිපතිවරණයට යාපනය සූදානම්

Must read

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු අද පෙරවරු 8 සිට ආරම්භ වී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 511ක පුද්ගලයින් 4 ලක්ෂ 92,280ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, එම ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව ඇතිව රාජ්‍ය සේවකයින්ගේ සහය ඇතිව රැගෙන යයි.

නෙඩුන්තිව්, නයිනතිව්, අනලතිව් සහ එග්වයිතිව් යන ප්‍රදේශවල ඡන්ද පෙට්ටි රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් සලසා ඇත. මේ අතර මැතිවරණ නිරීක්ෂකයින් ද නිරීක්ෂණ කටයුතුවල නිරත වන අයුරු දක්නට ලැබෙන අතර, සිදුවීම් වළක්වා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් බලකායද ආරක්ෂක මෙහෙයුම්වල නිරත වී තිබෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article