19 වන ආසියානු ක්රීඩා උළෙලේ මීටර 800 තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකවේ තරුෂි කරුණාරත්න අද (04) සමත් විය.
ශ්රී ලංකාව ආසියානු ක්රීඩා උළෙලක මීටර 800 ධාවන ඉසව්වෙන් දිනූ පළමු පදක්කම මෙය වන අතර 2002 වසරෙන් පසු මලල ක්රීඩා ඉසව්වකින් ශ්රී ලංකාව දිනූ පළමු රන් පදක්කම මෙය වේ.
එහි රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයටයි.