Wednesday, December 25, 2024

22 වෙනි සංශෝධනයදා පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රිවරුන් 44 දෙනා ….

Must read

ප්‍රජාතන්ත්‍රවාදය රට තුල යළිත් ස්ථාපිත කරලිමට බෙහෙවින්ම බලපාලන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්මත වන දිනයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.

ඒ අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි වැනි මැති ඇමතිවරුන් 25 දෙනෙකු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් පිටවගොස් තිබිණ.

චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

25

මේ අතර සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පස්දෙනෙකු (05) අද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය. වඩුවේල් සුරේෂ්, වේලු කුමාර් සහ හෙක්ටර් අප්පුහාමි විදේශගතව සිටි අතර හැලීම් මන්ත්‍රීවරයා අසනීපයෙන් පසුවනබව දැනුම්දී තිබේ. හේෂා විතාන මන්ත්‍රීවරයා කොලොන්න සමුපකාර ඡන්දය සංවිධාන කටයුතු සඳහා ගොස් තිබිණ.

ඩලස් අලහප්පෙරුමගේ නිදහස් කණ්ඩායමේ මහචාර්ය ජී.එල්. පීරිස් සහ දොස්තර උපුල් ගලප්පත්ති මේ දිනවල විදේශගතව සිටිති.

එසේම විමල් වීරවංශ ගේ උත්තර සභාගයේ මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය එන්.එම් . පෙරේරා සමරුවකට සහභාගී වීම හේතුවෙන් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ඒ අතර දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හයදෙනෙකු (06) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර සිව්දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන්  සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති. අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය.

මුලාශ්‍රය – theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article