පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැත.
ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවිමේදි ඊට එරෙහිව ඡන්දය දුන් සරත් විරසේකර තෙවන වර කියවිමේදි ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බවය.