157 වන ජාතික පොලිස් රණවිරු උපහාර දිනය සමරමින් සංවිධානය කර තිබු උපහාර උත්සවයක් ඊයේ ( 21 දා ) උදැසන හලාවත පොලිස් අධිකාරි කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණි. හලාවත කොට්ඨාස රණවිරු කොට්ඨසයේ නිලදාරින් විසින් සංවිධානය කර තිබු මෙම රණවිරු උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාය. යුද සමයේ දි රාජකාරි කරමින් සිටිය දි දිවි පිදු පොලිස් රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම ආබාධිතවු පොලිස් විරුවන් ද මෙම අවස්ථාවට එක් වුහ. රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාරයක් පවත්වා විරුවන් සිහි කරමින් නිශ්ශබ්දතාව රකිමින් පොලිස් විරුවයන්ගේ ගුණ ගායනයක් ද මෙවහි දි සිදු විය. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා විරු ස්මාරකය හමුවෙහි පුෂ්පෝහාරයක් කළ අයුරු හා මේ එම අවස්තාවන්ය.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු