Friday, September 20, 2024

13 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ලඟතබාගත් 15හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

වයස අවුරුදු 13 ක් වන පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝවක්,ලගතබාගෙන සිටි 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ (24) පොලිස් භාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙම පිරිමි ළමුන් දෙදෙනා විසින්ම දැරියගේ නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අසල්වැසියකුට පෙන්වා ඇති බවට මවක් කළ පැමිණිල්ලක් මත පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ අරඹා එම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මවුවරුන් සමග පොලිසියට කැඳවා තිබේ.

ඉන් එක් පිරිමි දරුවෙකු සතුව තිබූ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී පැමිණිලිකාරියගේ දියණියගේ ජායාරූප 20 ක් සහ වීඩියෝ දර්ශනයක් තිබී හමුවූ බව පොලීසිය පවසයි.

මෙම පිරිමි ළමුන් විසින් දැරිය නාන කාමරයේ සිටින අවස්ථාවේදී ඇයට නොදැනෙන අයුරින් මෙම ඡායාරූප හා වීඩියෝ දර්ශණ ලබාගත් බවත් ඔවුන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදී පිරිමි ළමුන විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මෙම සැකකාර ළමුන් දෙදෙනා දැනට පාසල් නොයන බවත් දෙමාපියන් එම ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන හෙයින් නොයෙක් විෂමාචාර ක‍්‍රියා සඳහා පෙළඹී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article