පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට ලංකාව තුල මතුව ඇති අර්බුදය පිමි පනිමින් වර්ධනය වෙමින් පැමිණි මහත් ඛේදවාචකයක් නිර්මාණය කොට තිබේ.
එක්සත් ජාතික පෙරමුණත් සෙසු පක්ෂත් එක්ව අවස්ථා කිපයදිම සිය බහුතරය පෙන්වා දි තිබුණා පමණක් නොව මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයද අවස්ථා කිපයදිම ජයගත්තේය.
එහෙත් ඒ සියල්ල මදාවි වැඩවලින් නොසන්සුන් කරමින් පාර්ලිමේන්තුව කල්තැබිමට පොහොට්ටුව දැන් පටන් ගෙන තිබේ.මේ අතර ජනපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂට සිය 113 පෙන්විම සදහා තවත් පැය 48 ක් ලබාදිම ඇතැයි මංගල සමරවිර ඇමතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් හෙළිකර තිබේ.
හර්ෂ ද සිල්වා ඇමතිවරයාද සිය ට්විටර් ගිණුමේ සදහනක් කරමින් කියා සිටින්නේ කලින් අල්ලස් දිලා මන්ත්‍රිලව ගන්න බැලුවා හරි ගියේ නැ පස්සේ තගාලව දාල බැලුව ඒත් හරි ගියේ නැ දැන් ආයෙත් ලොකු ගණන්වලින් අල්ලස් දිල මන්ත්‍රිලව ගන්න හදනවා යැයි සදහන් කර තිබේ.
113 පෙන්නන්න ජනපති සිරිසේනගෙන් මහින්ද රාජපක්ෂට තවත් පැය 48 ක් !
