ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සදහා කිසිදු ණයක් හෝ ආධාරයක් ලබානොදුන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමණාකරු රාජ්ශේකර් රාඕ මහතා මේ බව සදහන් කර ඇත්තේ News1st වෙත අදහස් දක්වමිනි.වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ ඒ සම්බන්දයෙන් එකගතාවයක් හෝ සාකච්ඡාවක්ද සිදුනොවුන බවයි.
මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්දයෙන් විරෝධකා මතුවීමත් සමග මෙම ක්‍රීඩාංගනය ඉදිකරනු ලබන්නේ රජයේ වියදමින් නොව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් බව ලිපියක් මගින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නට යෙදුන අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහකා සදහන් කර සිටියේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ ආධාර මත සිදුවන්නක් බවයි.