Friday, September 20, 2024

හෙල්මට් නොමැතිව අධික වේගයෙන් ගිය තරුණයන් අනතුරට

Must read

(09.11am) අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ පොලිස් කොට්ටාශය තුළ  සිදුවූ   යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. පසුගිය 25 වනදා නිනාවුර් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවූ පුද්ගලයා සිය මිතුරෙකු සමග අක්කරෙයිපත්තුවේ සිට යතුරු පැදියෙන් ගමන් කරමින් සිට ඇත. ඔවුන්ගේ පැත්තේ සිට පැමිණි ලොරි රථයක ගැටී ඇති අතර අධික වේගය නිසා මෙම අනතුර පාලනය කර නොහැකිවී ඇති බවත් තරුණයින් හෙල්මට් පැළද සිට නොමැති බවත් පොලිස් ආරංචි වලින් තහවුරුවේ. එම අවස්ථාවේදී යතුරුපැදිකරුවන් දෙදෙනාගෙන්  එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව නිනාවුර් මූලික රෝහලට ගෙන යන ලදී. මියගිය ඇත්තේ  නජාත් නම් 18 හැවිරිදි තරුණයෙකි. ඔහු නිනාවුර් 04 වන සේනාංකයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article