Friday, September 20, 2024

හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක්

Must read

හෙට (30) සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත

එම නිවේදනයට අනුව ජනවාරි 31 හා පෙබරවාරි 01 යන දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශ වල මිලිමීටර 150ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

අද දිනයේදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය,කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඓමන්ම හෙට දිනයේදී දිවයිනපුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං මගින් හා අකුණු අනතුරු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article