ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් නාමයෝජනා භාරදුන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ද ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
එස්.බී දිසානායක මහතා සදහන් කර ඇත්තේ “ඩග්ලස් දේවානන්ද ගත්ත ඡන්ද, තොණ්ඩමාන් ගත්ත ඡන්ද, අපේ අතාවුල්ලා ගත්ත ඡන්ද, හිස්බුල්ලා ගත්ත ඡන්ද … මේ ඡන්ද සේරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මං හිස්බුල්ලා එක්ක කතා කළා. ” එමෙන්ම හිස්බුල්ලා යනු බදුර්දී්න් මෙන් මහා මුදල් වංචාකාරයෙකු නොවන බවත් ඔහු පිටරටින් සල්ලි ටිකක් අරන් හොඳ විශ්ව විද්‍යාලයක් හැදුව බවත් එස්.බී දිසානායක වැඩිදුරටත් සදහන් කර ඇත.
මේ වන විට එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ මඩකලපුව විශ්වවිද්‍යාලයට එරෙහිව දැවැන්ත අරගලයක් කල අතරලියේ රතන හිමිද ගෝඨාගේ දෑත් ශක්තිමත් කිරීමට තීරණය කර ඇත.