Thursday, January 23, 2025

‘හින්දු කාරයෙක් ‘ ඒංගලන්තේ අගමැති වෙලා.

Must read

රැජින මතක
Anglican රැජින , Rishi Sunak හා ජාතික රාජ්යය.
හින්දු කාරයෙක් ඒංගලන්ත අගමැතී වෙලා. ඇන්ග්ලිකන් ඒංගලන්තය ඒක භාර ගන්නේ කොහොමද. චීට් ඒකෙන් අගමැතිකම ගත්තට කොයී මොහොතක හෝ ඒන චන්දයේදීත් ඕක ඔහොම වෙයිද ? පුරෝකථන වලට තවම තීන්ත වේලීලා නෑ.
ඒංගලන්තය ජාතික රාජ්යයක්.
ඒංගලන්තය ජාතික රාජ්යය අල්ලගෙන ඉන්න හැම දේම කරනවා. ජාතික රාජ්යයේ සතර මායීම වෙනස් වෙනවා හෝ වෙන්න පුළුවන් , කියන්න, ඒංගලන්තය රීෂී ව අරගෙන. ජාතික රාජ්යයේ පැවැත්මට ඔනැම මායීමක් වෙනස් වෙන්න පුලුවන්.
ඒංගලන්ත ජාතික රාජ්යය ආරම්භය හා අද ඉන්න සංධිස්ථානයකට ආ ගමනේ ලේ ගොඩක් තියෙනවා. රීෂී ගේ හින්දු කම ඉංදීයාවට කීසීම ආදාලතාවයක් නෑ සමහර විට සාත්තර කාරයන්ද කියාවී රීෂී අර්ජුනගේ අවතාරයක් කියලා. හැබෑයී ඒයාට ඕටුන්නේ ගලවත් ගලවන්න වත් බෑ.
ප්රශ්නය වෙන්නේ සුනක් ගේ ඉංදීය සම්භවය නොවේ ජාතික රාජ්යය තම හැව අරින්නේ වෙනස් වෙන හැටීයට. ජාතික රාජ්යය අර්බුදයට ගියාම ඒක පටන් ගත්ත ඔනැම මුලක් කබරගොයා තලගොයා තියරියට , යටත් කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් නැතුව ජාතික රාජ්යයේ පදනම් වලට පැවැත්ම නෑ කියන ඒක නිසා .
අනෙක් අතට ජාතික රාජ්යයන්හී ආර්ථික අසාර්ථක භාවය වහගන්න ජාතික රාජ්යයේ මුල් පදනම් වලට ගියත් ඒක අල්ලගෙන ඉන්න බෑ කියන එක හා රේස් එකට අලුත්ම ජොකියෙක් ගේන්න ඕන කියන එක.
Brexit ඒක හරහා ඒංගලන්තය තම ජාතික රාජ්යය ශක්තිමත් වේවී කියල හිතුවට වැඩේ අල උනා.
කොළඹ කොටුව රාජසිංහ වට කොට ඇතී කල ඒහී බලල් මසුත් ඉහල ගනන් වලට වීකීනීනි. ජාතික රාජ්යය ද ඒසේමය.
ඒංගලන්ත ජාතික රාජ්යය ගැන පරණ සටහන යටින්……….
හුඟ දෙනෙක් දන්නේ නැ ඇන්ග්ලිකන් කියන්නේ මොකක්ද කියලා . වීවීධ අර්ථකතන ලැබුනා , අද වන වීට ලංකාවේ ඇන්ග්ලිකන් පල්ලිය කියන්නේ ඉතා කුඩා සභාවක්. ලංකාවේම ඉන්නේ 50,000 ක් වීතර ලංකාවේ ජනගහනයෙන් 0.02 වීතර ඇතී. දියෝකීසී 2යී , කොලඹ කුරුණෑගල.
පල්ලි තියනවා 220 ක් වීතර සාන්ත තෝමස් පාසල් ටික ( ගල්කිස්ස , කොල්ලූපිටිය , බන්ඩාරවෙල හා ගුරුතලාව ) කාන්තා වීද්යාලය බිශොප් විද්යාලය සාන්ත ජෝන් හා චුන්ඩුකුලී බාලීකා යාපනය , නුවර ත්රිත්ව, හීල්වූඩ් මෞබ්රේ , මේ ඇන්ග්ලිකන් පල්ලියට අයීතී ඉස්කෝල .
මමත් පරම්පරා 5ක් ආපස්සට ඇන්ග්ලිකන් (1840) , අන්ග්ලිකන් සභාවේ තරුණ ව්යාපාරයේ 49 වන සභාපතී ඇන්ග්ලිකන් කාරයෙක් සංස්කෘතීක වශයෙන් පමනක් . දේවධාර්මිකව බොහෝ ඇන්ග්ලිකන් මතවාද මම පීලීගන්නේ නැ.
අපේ කොලඹ බැසිලිකාව නැත්නම් Cathedral ඒක කැතීඩ්රල් . එක තියෙන්නේ බන්ඩාරනායක සම්මණ්ත්රන ශාලාව එහා වත්තේ . අපී ඒ වත්ත ගන්න කොට දැන් සිනමන් ග්රැන්ඩ් වත්ත අපීට අයීතීව තිබුනා , එක හුවමාරු කලා .
ඇන්ග්ලිකන් සභාවට සුද්දෝ බොහෝ වටීනා දේපල රටේ ප්රමුඛ තැන් වලීන්ම දීලා තිබුනා කොලඹ නුවර යාපනය හා වෙනත් ප්රධාන නගර වල මීගමුවේ ඇර.
ඒංගලන්තේ රැඡින ඇන්ග්ලිකන් ඉස්සර නම් අගමැතීත් ඇන්ග්ලිකන් හෝ අනාගාමික James Calahgan , Clement Attley, නමුත් රෝමානු කතෝලීක වෙන්න බැ. ඒක ප්රමීතීයක් එක කැඩුන තැන් තමයී බොරීස් ජොන්සන්. ටොනි බ්ලෙයාර් නම් හෝරෙන්ම වගේ කතෝලීක පල්ලියට ගියා අගමැතී කාලෙත් , ඒත් අයීන් උනාට පස්සේ රෝමානු කතෝලීකම උනා .
දැන් ඇයී මේ රෝමනු කතෝලීක කතාවක් මෙතැනට?
එංගලන්තයේ සම්ප්රදාය අනුව රෝමානු කතෝලීක අයට ප්රධාන තනතුරු දරන්න බැරී උනා , 1827 වීතර පනතකීන් මේක වෙනස් කලා ඒත් අගමැතී තවමත් ඇන්ග්ලිකන් , ඒක එහෙම තමයී , ලිස් ස්ටෘස් Liss Truss කොහොමද දන්නේ නැ? .
දැන් බලමු ඇන්ග්ලීකන් හබය ගැන.
මාටීන් ලුතර් තමයී යුරෝපයේ රෝමානු කතෝලීක බලයට ඉස්සෙල්ලම අභීයෝග කරන්නේ වීශේෂයෙන්ම රෝම අධීරාජ්යයට බදු ගෙවීම හා පක්ශපාතීත්වය ප්රශ්න කරන්නේ. ඒ අනුව ජර්මනිය හා ඕලන්දය රෝම අධීරාජ්යයට බය නැතී වෙනවා , එතැනදී එංගලන්තය රෝමයට පක්ෂයී. Calvinists ලා වෙනමම කතාවක්.
හැබැයී , එංගලන්ත කිරීටයට හරීහැටී උරුමකරුවෙක් දෙන්න කැතරීන් රැජීනට හා 8 වැනී හෙන්රිට බැරී වෙනවා හෙන් රි හිතනවා තමන් , තමන්ගේ සහෝදරයගේ බීරීඳ වන කැතරීන්ව බැඳපු නිසා තමයී සාපයක් නිසා ඔටුන්නේ උරුමයට කොල්ලෙක් නැත්තේ කියල. ඉන්නේ කෙල්ලෙක් මේරී කූමාරී , ඒ කාලේ ගැනුන්ට එංගලන්තේ රජ වෙන්න බැ. හැබැයී ගැනු 6ක් බඳපු 8 වැනී හෙන්රී මේකට උප්පරවැට්ටියක් කලා කියලත් කියනවා මොකද ඒ වෙනකොට රෝමය තමයී අධ්යාත්මික අධීකාරී බලය යුරෝපයේ .
ඒ නිසාම රෝම අධීරාජ්යයට වීශේෂ බලයක් තිබුනා අනෙක් රටවල් කෙරෙහී හා වතීකානුවට බදු ගෙව්වා . ඒ , අදාල රටේ පල්ලිය මගීන් හැම තැනම තිබුනේ රෝමානු කතෝලීක පල්ලී , වෙනත් පල්ලි පැවතීම රෝමය ඉවසුවේ නෑ. වුල්සී කියන කාඩිනල් තමයී අවසාන රෝම කාඩීනල් එංගලන්තේ .
එයා 8 වැනී හෙන්රීව රෝමෙ එක්ක ශේප් කරන්න බැලුවා ඒක රෝමේ පිලිගත්තේ නැ ඒ හින්දා වුල්සීව අයීන් කලා. 7 වැනී ක්ලෙමන්ට් පාප් වහනේසෙ චාර්ල්ස් කියන රෝම අධීරාජ්යයගේ නැන්දා වන කැතරීන්ව හෙන්රි දීක්කසාද කරන්න හදන එකට වීරුද්ධ වුනා මොකද අධීරාජ්යයයා වරක් ක්ලෙමන්ට් පාප්වහන්සේවත් හිර කල නිසා ඒයාත් බයයී ඒ නිසා . ඉතීන් කැතරීන්ගෙයී හෙන්රී ගෙයී ඩිවෝස් එකට රෝමේ වැට බැන්ද ඒක භු දේශපාලනීක වැටක්.
මේ වෙලාවේ Thomas Cromwell තෝමස් ක්රොම්වෙල් ඇන්ග්ලිකන් සභාවේ නිර්මාතෘවරයා ඇවීත් කියනවා …..
” අපී තව දුරටත් රෝමයට බදු නොගෙවමු , යටත් නොවෙමු එංගලන්ත කිරීටයේ දෙපාර්තමෙන්තුවක් හැටීයට එංගලන්ත සභාව පැවතීයාවේ ” , එංගලන්තයේ රජු දෙවීයන්ගේ භුමියේ ප්රධාන නියෝජීතයාවේ කියල” .
මේක කියලා නිකන් හිටියේ නැ පාර්ලීමේන්තුව කරකවලා කොහෝම හරී ඒ මතයට පාර්ලීමෙන්තුවත් අරන් 1532 ඉඳලා 1540 දක්වා අට අවුරුදු වීප්ලවය කරනවා. මේ අට අවුරුදු විප්ලවය තුල රෝමානු කතෝලීක සභාව සම්පුර්ණයෙන්ම ඇන්ග්ලිකන් කරනවා.
ඒංගලන්තයේ හැම පල්ලියක්ම තාපසාරාමයක්ම ක්රොම්වෙල් වීසීන් ඇන්ග්ලිකන් කරනවා. අධීක රෝමනු කතෝලීක වීරෝධයක් රටේ හදනවා. හැබැයී එලීපීට වීතරයී , යටීන් රෝමානු කතෝලීකයෝ බලවත් , ඒත් බයයී.
1540 දී ක්රොම්වෙල්ව මාලීගා කුමන්ත්රනයකින් මරනවා , රජු වීසීන්ම කිසීදු නඩුවකීන් තොරවම , ක්රොම්වෙල් තමයී පලමු ඇන්ග්ලිකන් නායකයා , හැබැයී Arch Bishop of York යෝර්ක් හී ආච් බිශෝප්වරයාවු තෝමස් ක්රැන්මර් Thomas Cranmer තමයී පලමු කැන්ටබරීයේ ආච් බීශෝප් වෙන්නේ , එයා ලස්සන ගීතීකා එහෙමත් ලියලා තියනවා . Arch Bishop of Canterbury තමයී ඇන්ග්ලිකන් පාප්වහන්සේ . ( අපි ඒහෙම පාප් කියලා කියන්නේ නෑ. )
කොහොම උනත් 8 වැනී හෙන්රී කැතරීන්ව දීක්කසාද කරලා ඇනී බොලෙයීන්ව බඳීනවා. ඒ වීවහයෙන් එලීසබෙත් 1 උපදීනවා. බොයෙලීන්ව වහාම කුමන්ත්රනයකින් මරනවා.
6 වැනී එඩ්වර්ඩ් පසූව රජ වෙනවා 1553 ඔහු මැරෙනවා ග්රේ ආර්යාව බලය අල්ලනවා ඒතකොට රෝමයේ සහය ඇතුව කතෝලීක රැජීනවු 1 වැනී මේරී රජ වෙනවා ඇය බයීබලය ගිනි තැබුවා යැයි චෝදනා තියනවා.
Cromwell ප්රතීසංස්කරනවාදියෙක් පාර්ලීමේන්තු බලය හා ලිබරල් මත දරැවා බයීබලය මිනිසුන්ට කියවන්න දූන්නා. රෝමේ නම් බයීබලය පූජකයන්ට පමණයි.
ඉන්පසු 1 වන මේරී ව බලයෙන් පහ කොට 1 වන මේරීගේ අර්ධ සහෝදරීය වන හා වරෙක “අවජාතක” ලෙස නම් කල 1 වැනී එලීසබෙත් රජ වෙලා එංගලන්තය වීතරක් නොවේ ඇන්ග්ලිකන් පල්ලියම හරීයටම ගොඩ නගනවා. ඇය අවසාන TUDOR වංශික පාලකයා.
1 වන මේරී වීසීන් නැවත ගෙනාවාවු කතෝලීක දහම 1 වන ඒලීසබෙත් කුඩු පට්ටම් කරනවා. ඇය ආගමීක බලහත්කාරය නැවැත්වුවත් ඇන්ග්ලිකන් කම උස්සලා තියනවා. එක තමයී එංගලන්තයේ ජාතීක රාජ්යය Nation state බීහීවීම.
ඒංගලන්ත Nation State ඒක හැදුනේ නැතිනම් වර්ථමානයේ වගේ ඒංගලන්තයක් නෑ. 1 වෙනී එලිසබෙත් ට කියන්නේ කන්යා රැජීන Virgin Queen කියලා .( ඇය ගැන චීත්රටපට තියනවා) ඉන්පසු එංගලන්තයේ ඇන්ග්ලිකන් වීතරයී. රෝමනු කතෝලීක නැ. බලවත් රටක් බවට පත් වෙනවා ඒක රටක් , ඒක ආගමක් සහිත Nation state ඒක .
අපී ඇන්ග්ලිකන් කියලා හඳුන්වනවාට අමතරව එපිස්කෝපල් සභාව Episcopalian Church හා අන්ග්ලෝ කැතලීක් Anglo Catholic කියලත් හඳුන්වනවා. අපේ සම්ප්රදායන් දෙකක් තිබුනා මැතක් වන තුරු Low Church ලෝ චර්ච් High Church හයී චර්ච් කියලා කියන්නේ වත් පීලීවෙත් උපරීමෙන් කරන අය ලෝ චර්ච් කියන්නේ එහී ප්රතීලෝමය.
අපේ ගමේ පල්ලි දෙක වන Holy Emmanuel එම්මනුවෙල් පල්ලියයී , සාන්ත පීතර St Peter’s පල්ලියෙයී , ඔය බේදේ ලොකුවටම තිබුනා. කට්ටිය දෙපීල බෙදීලා අතින් පයින් ගහ ගන්න අවස්ථාත් තිබුනා .
ලංකාවේ පලමු දේශීය අග්රාන්ඩුකාරයා ඔලීවර් ගුනතිලක ඇන්ග්ලිකන් බව විමට , සුද්දෝ වග බලාගත්තා. 1962 කුමන්ත්රනය ඇන්ග්ලිකන් එකක් කියලා තමයී කිව්වේ බහුතරය ඇන්ග්ලිකන් නිසා. රනිල්ගේ තාත්ත මුලීන්ම Anglican බාප්පා Bishop Lakshman Wickramasighe. චන්ද්රීකාගේ තාත්ත මූලින්ම Anglican සීයා මූත්තා , Anglican උතුරු කූරු. J R උනත්, තවත් බොහෝ අය.
ඕන් ඕකයී රැජීනගේ Anglican ඇන්ග්ලිකන් කතාව. ඇන්ග්ලිකන් දන්නේ නැතුව එංගලන්තේ තේරුම් ගන්න බැ. ලංකාවේ නම්දෑන් ඇන්ග්ලිකන් අඩුවෙලා ඉන්නේ. උඩරට ලස්සනම පල්ලි ටිකක් තියෙනවා.
මේ පින්තුරේ ටිකක් අපේ ගමේ එම්මනුවෙල් පල්ලිය වගේ සොයීසා ලා හදපු , සොයීසා ලා රජවරු වගේ හිටිය අය.
මට නම් රෝමනු කතෝලික පල්ලියකට ගියාම වෙනසක් නෑ , වත්පීලීවෙත් වල වෙනසක් නැ මොකද අපී දෙගොල්ලෝම එකයී.
මොකද අපීව වෙන්කලේ ආගම ධර්මය නොවෙයී රජාගේ දීක්කසාදය.
ලක්ෂාන් ඩයස් 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article