Thursday, July 4, 2024

‘හිටපු සටන්කාමීන් තම ප්‍රදේශයේ පළාත් මැතිවරණ සඳහා තරඟ කිරීමට අවශ්‍යයි ‘

Must read

ජනාදිපතිවරණයට ටී.එන්.ඒ එකත් -එස්.වෙන්ද්‍රන්

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂයේ පරිපාලන ව්‍යුහය නුදුරේදීම ස්ථාපිත කරන බවත් දේශපාලන වශයෙන් අපේ පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි මහතා පවසන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ සහ සමකාලීන දේශපාලන සංසදයේ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (30) ඉරිදා මන්නාරමේදී පැවැත්විණි. එම රැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ නායක එස්.වෙන්දන් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ හිටපු සටන්කාමීන් ද එක්ව සිටියහ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මන්නාරම දිස්ත්‍රික්කය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂයේ පරිපාලන ව්‍යුහය ඉදිරි කාලයේදී ස්ථාපිත කෙරෙන අතර, අපි අපේ පක්‍ෂයේ කටයුතු දේශපාලනික වශයෙන් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම හමුවේදී හිටපු සටන්කාමීන්ගේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

යුද්ධයෙන් වසර 15ක් ගතවී ඇතත් සමකාලීන දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලබා ගැනීමට හිටපු සටන්කාමීන්ට නොහැකිවීම පිළිබඳව ඔවුන් මෙහිදී අදහස් පළ කළා. ඒ මත පදනම්ව 2009 න් පසු කොටි සංවිධානයෙන් ඉවත් වූ සටන්කාමීන් ඉදිරි දේශපාලන කාලය තුළ ජයග්‍රහණයක් වෙනුවෙන් එක්ව ක්‍රියා කළ යුතුයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තම ප්‍රදේශයේ තරග කිරීමට අපේ පෙරමුණේ සටන්කාමීන් කුසලතා වර්ධනය කර ගත යුතුයි. දේශපාලනය පමණක් නොව සමාජ ව්‍යුහය ගැනද මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධාන පක්ෂය සමඟ එක්ව කටයුතු කරමින් සිටියි.අපි එම පක්ෂයේ සාමාජික පක්ෂ සමඟ සාකච්ඡා කර පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගන්නවා.

ඉදිරි කාලය තුළ මහජන සංවිධාන සමඟ එක්ව පොදු අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article