Wednesday, March 26, 2025

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා තුනුකායි අධ්‍යාපන කලාපයට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුකායි අධ්‍යාපන කලාපයට අයත් තෙරංගන්දල් රජයේ දෙමළ කලවන් පාසලේ සිසුන් සඳහා ත්‍යාග බෙදාදීමේ උත්සවයක් අද පැවැත්විණි.

විදුහල්පතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගි විය. වීවන්.අග්ගහමපණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක්ක හිමි, පූජ්‍ය ආචාර්ය සික් චි චින් භික්ෂුණී (තායිවාන්)  සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හිටපු ජනාධිපතිනිය  විසින් ස්වේච්ඡා සංවිධානයක් හරහා පාසලේ සිසුන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර තුනකයි අධ්‍යාපන කලාපය තුළ පාසල් දහයක තාක්ෂණික හා විද්‍යාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහි පළමු පියවර ලෙස ගුරුවරුන් සඳහා පුහුණු සැසියක් අද තුනුක්කායි අධ්‍යාපන කලාපයේදී පැවැත්විණි. මීට අමතරව විවිධ පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව සිසුන් සඳහා පාවහන් සහ ඉගෙනුම් උපකරණ ද ලබා දෙන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article