පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්,කැබිනට් නොවන ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන්ගෙන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් මේ වන විට සිය නිල නිවාස භාර දී ඇත්තේ ඇමතිවරුන් දෙදෙනකු පමණක් බව වාර්ථා වෙයි.
මෙසේ සිය නිල නිවාස භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක් මහතා හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් පමණය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු අ් වන විට අගමැති වශයෙන් කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමත් සමග එවකට පැවැති කැබිනට් මණ්ඩලය අහෝසී වීම සිදුවූ අතර මේ වන විට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නව කැබිනට් මණ්ඩලයක් පත්ව ඇත. එම නව කැබිනට් ඇමතිවරුන්ට හා අනෙකුත් ඇමතිවරුන්ට හිමි නිල නිවාස ලබාදීමට මේ වන විට නොහැකි වී ඇත.