Friday, September 20, 2024

සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ඇරඹීමට සාකච්ඡා

Must read

දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්)  කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කර ඇත්තේ ජාතික සුදුසුකම්ලාභී ශාරීරික යෝග්‍යතා උපදේශකයන්ගේ සභාව හා සෞඛ්‍ය අමාත්‍යවරිය අතර ඊයේ (19) පැවති සාකච්ඡාවකදීය.

මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය, විෂ බීජහරණය, කලින් වෙලාව වෙන් කරවා ගෙන පාරිභෝගිකයන් ඇතුළු කර ගැනීම වැනි සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන විවෘත කිරීමට එහිදී යෝජනා වී ඇත.

එම යෝජනා වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ යෝජනාවන්ද සලකා බලා සෞඛ්‍ය නිර්දේශ සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී සදහන් කර ඇත.මේ සම්බන්දයෙන් තීරණ ගැනීම සදහා තවත් සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතය.

ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් ඒවායින් යැපුණු විසිදහසක් පමණ පීඩාවට පත්ව සිටින බව එම සාකච්ඡාවේදී අනාවරණය විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article