(11.30 am ) ඇල්වතුරත් නිවා බොන අයෙකු ලෙසින් ලෝකයාට පෙන්වන සතා සිව්පාවා ගහකොල වැලටත් ආදරය කරන්නට යැයි කියා පික්චර් හදන එවායින් හොද හැටි සල්ලි හම්බකරගත් සෝමරත්න නම් කලා මුදලාලිට දැන් තවත් බිස්නස් එකක් පැවරි ඇත. එනම් ලෝකයේම නම තබා ඇති රටේ ජාතික ගුවන් විදුලියේ හොර සභාපති කමය.
මේ හොර පත්විමෙන් වුව මුරුංගා අත්තටම දැන් නැගගෙන සිටින සෝමරත්න දිසානායකට දැන් ආණ්ඩුවක් නැතැයි අභියාචනාධිකරණය විසින් දුන් තින්දුව පවා තවමත් අමතකය.
හොර අගමැතිගේ තේජස් බලයෙන් තවමත් ඔද වැටි දෑස් නිලංකාරවි සිටින ගුවන් විදුලියේ සභාපතිට ඒ පරිශ්‍රයට ඇතුලුවන තැන ඇති හොර අගමැතිගේ ජායාරූපය තවමත් එල්ලා ගෙන සිටින්නේ ඉතා පැහැදිලි ලෙසින් අධිකරණයද හෑල්ලුවට ලක්කරමිනි. රටේ නිතියට ගරු නොකරන අයෙකු කිසිදිනක කලාකරවෙකු නොව නලාකරුවෙකු වන්නේම ඒ නිසාය.(පසුගිය දිනක එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් ගුවන් විදුලියට ගොස් තිබුනේ සෝමරත්න දිසානායක හමුවි අධිකරණයට ගරු කරමින් කටයුතු කරන ලෙස කියා සිටින්නටය. එහෙත් එදා ඔහු එහි සිට නැත.)
එවන් නලාකරුවෙකු වු සෝමරත්න දිසානායක රටේ උත්තරිතර පාර්ලිමේන්තුවටත් පස්සවා හරවා ඉන් නොනැවති දැන් අධිකරණයට පස්ස හරවා තවමත් තම ස්වාමියා යැයි ඔහු සිතා සිටින හොර අගැමැති මහින්දගේ ඡායාරූපයක් ගුවන් විදුලිටය ඇතුලවන තැනම එල්ලා ගෙන සිටි.
මෙවන් නලකාරුවන්ට අපට කියන්නට ඇත්තේ තව ටික දවසක් ඔහොමම යං කියා පමණි.