Friday, September 20, 2024

සුවසැරිය ගිලන්රථවල වෙන්ටිලේටර් ගැලවීමේ සූදානමක් ගැන චෝදනාවක්

Must read

සුවසැරිය ගිලන් රථවල ඇති වෙන්ටිලේටර් යන්ත්‍ර (කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර) ඒවායින් ගලවා රෝහල්වලට ලබාදීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන චෝදනා කරයි.ඒ මහතා එම චෝදනාව එල්ල කරන ලද්දේ ජනමාධ්‍ය වෙත ඊයේ (3 වැනිදා) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

‘පහුගිය මාර්තු මාසේ ඉඳන් මේ දක්වා වෙන්ටිලේටර් අරගෙන නැහැ. පී.සී.ආර්. කට්ටල අරගෙන නැහැ. සුවසැරිය ගිලන් රථවල තියෙන වෙන්ටිලේටර් ගලවලා රෝහල්වලට දාන්න සූදානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ගිලන් රථවලට තියෙන වෙන්ටිලේටර් ටික ගැලෙව්වොත් ඒවා ආපහු සවි කරන්න බැහැ. රටට ලැබුණු මුදල්වලින් මාර්තු මාසේ ඉඳන්ම මේවා මිලදී ගත්තනම් අද මෙවැනි අර්බුදයකට අපි මුහුණ දෙන්නේ නැහැ.

ඒ වගේම අද මුළු රටේම දැඩි සත්කාර ඒකකවල ඇඳන් තියෙන්නේ හයසිය තිහයි. ඒකෙන් එකසිය පනහක විතර සංඛ්‍යාවක් තමයි කොවිඩ් රෝගීන්ට වෙන්කරලා තියෙන්නේ. මෙච්චර මුදලක් ලැබිලා තියෙන අවස්ථාවකදී ඇයි දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ඇඳන් මිලදී ගන්නේ නැත්තේ.’ යැයි එජාප නියෝජ්‍ය නායකයා වැඩිදුරටත් ආණ්ඩුවෙන් විමසා සිටී.

(Aruna)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article