Friday, September 20, 2024

සීෂේල්ස් පුරවැසියන් 35 දෙනෙක් මෙරටට ගෙන ආවේ ඇයි??

Must read

මේ වන විට ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසක් නැවත් මෙරටට පැමිණීමට ඉල්ලීම කර ඇති පසුබිමක් තුල විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සීෂෙල්ස් පුරවැසියන් 35 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් විසින් විදේශකටයුතු අමාත්‍යංශයෙන් ප්‍රශ්ණ කලේය.

එහිදී එම ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා සදහන්  කර සිටියේ මේ වන විට ශ්‍රී ලාංකිකයන්  41,000 ක් පමණ මෙරටට පැමණීම සදහා ඉල්ලීම් කර ඇති බවත්, සීෂේල්ස් රාජ්‍යයේ වෛද්‍ය පහසුකම් අඩුවීම හේතුවෙන් එම රාජ්‍යයේ පුරවැසියන් 35 දෙනෙකු කල ඉල්ලීමක මානුෂීය පැත්ත සලකා බලා හා ද්විපාර්ශවීය සම්බන්දතා සලකා බලා එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කල බවයි.

එමෙන්ම එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියේ වෙනත් රටවල් වලින්ද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වන්නේ නම් ලාංකිකයන්ට වඩා වෙනත් රටවල රෝගීන්ට ප්‍රමුඛතාවයක් ලැබිය හැකිද බවයි.

එයට පිළිතුරු වශයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර සිටියේමේ වන විට මාලදිනයිනෙන් එවැනි ඉල්ලීමක් ලැබී ඇති  බවත්,නමුත් එවැනි විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article