Monday, January 13, 2025

සිරිකොත ගේට්ටු වැසුවා කියන පුවත සාවද්‍යයි ! එජාප ලේකම්ගෙන් පැහැදි කිරිමක් !

Must read

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස සහ සිය අධාරකරුවන් අතර හමුවක් ඊයේ දිනයේ වොක්ස්වොල් විදියේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදි පැවැත්විණි.
එම රැස්විමට ඉඩලබා නොදි සිරිකොත මන්දිරය වසාදමා තිබුනේ යැයි කියමින් සමාජ ගතවෙමින් ඇති පුවතක් පිළිබදව නිවරදි කරමින් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කොට තිබේ.

සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි.

“21 වන දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව බොහෝ දෙනෙක් මගේ අවධානයට යොමු කර තිබේ.

එවැනි සිදුවීමක් සිදුවූයේ නැත.

20 වන දා පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී එළැඹි පොදු තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කෙරිණි.

එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන සංවාදයේ දී එතුමා දැනුම් දුන්නේ සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බවය.

සියළු කටයුතු සිදුවූයේ ඒ එකඟතාවය අනුවය.“

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article