Friday, December 27, 2024

සියළු සැබෑ කතෝලිකයන්ගේ විරෝධය මැද කතෝලික දේවස්ථාන දේශපාලනයට යටවූ වගයි

Must read

පුද්ගලිකව යම් කිසි පුද්ගලයෙකුට දේශපාලන මතයක් දැරීමේ අයිතියක් ඇති බව අප පිලිගන්නෙමු. කුමන හෝ හේතු මත තමන් දරන දේශපාලන මතය සාධාරණීකරණය කරන්නටද ඒ පුද්ගලයාට හැකිය.

ආගමික නායකයන්ටද තමන් හරියැයි පිලිගන්නා දේශපාලන මතයක් තිබිය හැක.නමුත් ගැටළුව වන්නේ ආගමික නායකත්වයන්, එනම් බෞද්ධ,ක්‍රිස්තියානි ,හින්දු හෝ ඉස්ලාම් වේවා එම නායකත්වයන් දරන්නාවූ අයගේ පුද්ගලික දේශපාලන මතය මත සිය ශ්‍රාවයන්හට ප්‍රේරණය කිරීමට තමන් දරන්නාවූ නායකත්නය යොදාගැනීමයි.

මින් පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ මැතිවරණයක් ලං වත්ම දේශපාලඥයින් පන්සල් වෙත යමින් ,පන්සලේ ලොකු හාමුදුරුවන් ලවා තමන්ගේ ගුණ කථන පවත්වන ආකාරය මාධ්‍ය ඔස්සේ අප දැක ඇත්තෙමු. මේ දින වලද අඩුවක් නැතිව දකින්නෙමු. එම ක්‍රියාවලියටද අප දැඩිව විරුදධ වන අතර කුමන දේශපාලන පක්ෂය විසින් එම රගපෑම් සිදුකලද එය වැරැද්දක් බව කියයන්නට අප පැකලෙන්නේ නැත. නමුත් මේ දිනවල පන්සල් වල වැඩිපුරම දැකිය හැක්කේ කවුරුද යන්නත් පුංචි දරුවන් පවා දන්නා කරුණකි.

නමුත් ඉහත සදහන් ආකාරයේ ක්‍රියාවන් අප වෙනත් ආගමික ස්ථාන වල දැක ඇත්තේ ඉතා අඩු වශයෙනි. නමුත් දැන් දැන් එම ආගමික හා ආගමික නායකයන් ලැජ්ජා නැති දේශපාලනයේ ගොදුරු බවට පත්ව ඇති බව දැකගන්නට ලැබීම ඉතාමත් කනගාටු දායකය. පසුගිය දින පොහොට්ටුවේ ජනධිපති අපෙක්ෂකයාව ඉස්ලාම් පූජකයන් පිරිසක් විසින් සිය දේවස්ථානයේදී පිලිගන්න ආකාරය අප මාධ්‍ය ඔස්සේ දැක ගත්තෙමු. එමෙන්ම ඊයේ (22) කතෝලිකයන්ගේ ප්‍රධාන දේවස්ථානයක් වන තලවිල ශා.ආනා දේවස්ථානයට ඉහත සදහන් පොහොට්ටු අපේක්ෂකයාම ගොස් තිබිනි.

මෙම ක්‍රියාව සම්බන්දයෙන් බොහෝ ආඩම්බරයෙන් පොස්ටර් ගැසූවන්ට පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය මගින් කතෝලිකයන්  බඩ පිරෙන්නට පිලිතුරු දී තිබිණි. ඔවුන් අසා සිටියේ මෙතුවක් කල් දෙවියන් වහන්සේ හමුවීමට ගිය දේවස්ථානයට අද දිට දේශපාලකයන් හමුවන්නට පැමිණෙන ලෙස කතෝලික හිමි වරුන් ආරාධනා කරන බවයි.

කෙසේ වෙතත් කතෝලික භක්තියන්ගේ විරෝධය මැද ගෝඨාභය රාජපක්ෂ මහතා උණූසුම් අයුරින් පිලිගන්නට දේවස්ථානයේ පාලක පියතුමන් වන ලයිලි ප්‍රනාන්දු පියතුමන් අමතක කර තිබුනේ නැත.අනතුරුව ශාන්ත ආනා දේවස්ථානය තුළ ආශිර්වාදාත්ම දේව මෙහෙයක් ද පවත්වමින් පාලක පියතුමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමක්ද සිදුකරන්නටත් පියතුමන් කටයුතු කර තිබිණි.මෙම අවස්ථාවට පුත්තලම  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,ප්‍රියංන්කර ජයරත්න,අරුන්දික පෙරේරා ඇතුලු පිරිසක් කතෝලිකයන් (යැයි කියාගන්නා) පිරිසක්ද සහභාගී  වී ඇත.

සැබැවින්ම තලවිල දේවස්ථානයේ පියතුමන් විසින් මෙවැනි කටයුත්තක් සදහා අවසර දීම කතෝලිකයන් වශයෙන් මාහට දැඩි ලැජ්ජාවක් ගෙන දෙන්නකි. කතෝලික පියතුමන්ලාටද පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් ඇති බව පාස්කු බෝම්බප්‍රහාරයෙන් පසු දේව මෙහෙයන්ට සහභාගී වී දේව මෙහෙයේ දේශනාවට සවන් දෙන විට මා හට පැහැදිලි වී තිබුණද ෆ්‍රැන්සිස් පාප්තුමන් වැනි ලොවක් ආදරය කරන නිහතමානී ආදරණීය නායකයෙකුගේ ශ්‍රී ලංකා ගෝලයන් විසින් කතෝලික දේවස්ථාන වෙත දේශපාලන විශබීජ ගෙන එනු ඇතැයි කිසිදිනක මා සිතුවේ නැත. ජනාධිපතිවරණ උණූසුම ඇති වීමත් සමග කාදිනල් හිමිපානන් විසින් කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහරයේ විමර්ශණ අවසන් කර සැබෑ වැරදිකරුවන් ඉදිරිපත් කරන තෙක් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට තමන් හමුවීමට පැමිණීමට අවසර නොදෙන බවයි. නායකයා එසේ කීවද ගෝලයන් විසින් දේශපාලන විශබීජයන් දේවස්ථාන වෙත වද්දවාගනිමින් ආශිර්වාද දේව මෙහෙයන්ද පවත්වා අවසන්ය.

මා හට කාදිනල් හිමිට කියන්නට ඇත්තේ, ඔබ තුමාට නැති වූවාට තලවිල පල්ලියේ ස්වාමිටනම් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ගෙන් පිරිසක් ඊයේ (22) දිනයේදී හමුවීමට දෙවියන් වහන්සේ විසින් ඉඩ සලසා ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article