Monday, December 23, 2024

සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ මෙවරත් තැපැල් මගින් නිවෙස් වලට

Must read

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් බෙදාහැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර ඇත.

ඒ අනුව එම ඖෂධ අවශ්‍ය රෝගීන් තමන් සායනය සඳහා සහභාගි වන රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය විස්තර සැපයිය යුතු අතර ඉන්පසු රෝගියාගේ නිවසටම අවශ්‍ය ඖෂධ තැපැල් මගින් ලැබෙන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි.

එමෙන්ම මේ සම්බන්දයෙන් රෝගීන්ට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍යනම්,0720720720 දුරකථන අංකයට සිංහල භාෂාවෙන් ඇමතීමෙන් සහ 0720606060 දුරකථන අංකයට දමිළ භාෂාවෙන් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article