Sunday, January 5, 2025

ස්මාරක තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් -පා.ම.ගෝවින්දන්

Must read

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , ගෝවින්දන් කරුණාකරම්

ජනවාරි 28 වනදාට යෙදී තිබුණ කොක්කඩිචෝලේ දී සිදුකරන සමූල ඝාතනයක් සිහිකිරීමට
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ (TNA) මහ ලේකම් ගෝවින්දන් කරුණාකරම් මහතා සහභාගී විය. ‍කොක්කඩිචෝලේ සංහාරයේ 35 වැනි සංවත්සර සැමරුම ඊයේ (28)  පෙරවරුවේදී මහිලඩිතිව් හන්දියේ පිහිටි ස්මාරකයේදී පැවැත්විණි. මියගිය පුද්ගලයින් වෙත උපහාර දැක්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් මියගිය පුද්ගලයින් සැමරීමට එරෙහිව පොලීසිය විසින් තහනම් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය විවේනය ඉදිරිපත් කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

1987 දී කොක්කඩිචෝලේ මත්ස්‍ය ගොවිපළකදී සිදුවූ සංහාරයෙන් සරණාගතයන් ඇතුළු සිවිල් වැසියන් 150 කට වැඩි පිරිසක් එම ප්‍රදේශයේ මිය ගියහ.

පසුගිය වසරේද මෙම ස්ථානයේ මෙම ස්මාරකය අසල සිහිකිරිම් සිදුකිරීමට පොලීියේ බාධා පැමිනුනි. වසරේ කොක්කඩිච්චෝලේ පොලිසියෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර ඉන් දි ඇති අපට දී ඇති පණිවඩය වන්නේ දෙමළ ජනතාවට ඔවුන්ගේ සබදතා අමතක කළ යුත් බවද ? එසේ නම් පොලීසිය මෙම නියෝගයෙන් නිකුත් කර ඇත්තේ ජනතාවට ඔවුන්ගේ ඥාතීන්, අදරැතියන් අමතක කරන ලෙසයි.

කෙසේ වෙතත් දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නියෝජ්‍ය නායක ප්‍රසන්න ඉන්ද්‍රකුමාර් සහ භාණ්ඩාගාරික වින්දන් කනගරත්නම් යාපනයේ සිට පැමිණ ඇත්තේ ඝාතනයට ලක්වූ ඥාතීන් ගැන සිතාය. අපි මේ සමරු උත්සවය කරනවා.

පසුගිය කාලයේ අරගලවලින් මියගිය සටන්කාමීන් සහ සිවිල් ජනතාව අනාගත පරපුරට සිහිපත් කරන්නවත් මේ රජය ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ගැන නොසිතන්නට ඔවුන් තීරණය කර ඇත. මේ ඝාතනය පවා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ රාජපක්ෂ සහෝදරයන්ගේ ආණ්ඩුව නෙවෙයි. මෙය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදීය.

එසේ වුවද, ශ්‍රී ලංකා හමුදාවේ සහ හමුදාවේ සහාය ඇතිව සිදු කළ සමූලඝාතන සැමරීම තහනම් කිරීම මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනයක් ලෙස අපි දකිමු.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article