2017 -2018 කාලය ඇතුලතදී සහරාන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම විසින් ප්‍රහාරයක් දියත් කරනු ඇතැයි අනතුරු ඇගවීඹ් 97ක් ජාතික බුද්ධි අංශය මගින් (State Intelligence Service – SIS) ආරක්ෂක ලේඛම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා යවා ඇති බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධණ මහතා ඊයෙ (3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එමෙන්ම මෙම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම විසින් මරාගෙන මරෙන ප්‍රහාරයක් දියත් කල හැකි බව 2019 අප්‍රේල් 04වනදා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් යවන ලද ලිපියේ ඉතා පැහැදිලිව දන්වා යවා ඇති බවද නීතීඥ ජයවර්ධන මහතා අනාවරණය කලේය.