වතුකර දේශපාලනයේ ප්රබලයෙකු වු සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සජිත් ප්‍රේමදාසගේ නායකත්වය ගැන කලකිරි මේ වන ඔහු දරණ සිටයි ඉවත් ඇත.
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි ඒ මහතා කියා සිටි
වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ අද (09) මඩුල්සිම පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමට සහභාගී වන බවට කලින් ප්‍රකාශ කළද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය හේතූන් මත ඊට සහභාගී විය නොහැකි බව පසුව දැනුම් දුන් බවයි.
කෙසේ නමුත් එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස වැලිමඩ ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වේ
විපක්ෂ නායකවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ජනතාව මේ තත්ත්වය මත කලකිරීමට පත්ව ඇතැයි කියා සිටි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාසගේ මේ ක්‍රියාව සම්බන්ධව අතෘප්තිමත් වීම හේතුවෙන් තමා සමඟි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.
මේ අනුව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් සහ පස්සර ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරවලින් තමා ඉවත් වෙන බව වඩිවේල් සුරේෂ් මහතා පවසා ඇති බව නිව්ස් 19 වෙබ් අඩවියද වාර්තා කර තිබුණි