Friday, September 20, 2024

ශිෂ්‍යත්ව සදහා උපකාරක පන්ති අනිද්දා රැයින් අවසන්

Must read

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එමෙන්ම අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පෙබරවාරි මස 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වෙයි.

ඉහත විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හෝ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් ඇලවීම, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවේ නම් 0112421111 (පොලිස් මූලස්ථානය), 119 (පොලිස් හදිසි ඇමතුම් අංකය), 1911 (විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණීක ඇමතුම් අංකය), 0112785211 හෝ 0112785212 (විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය) සහ 0112784208 හෝ 0112784537 (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව) යන දුරකථනවලට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article