Friday, November 15, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය තුල දැන් සිදුවන්නේ කුමක්ද ? ඇත්තම තත්වය මෙන්න !

Must read

 

2017-09-20සජීවි තොරතුරු 🔴

ජනාධිපතිරවයා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම පිළිබද ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද විභාගය – දෙවැනි දිනය (2018 නොවැම්බර් 13).

පෙ.ව. 11.45 – නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතාගේ කරුණු දැක්වීම තවදුරටත්. විධායක ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබාදී ඇති බලය පරම විධායක බලයක්ය (plenary executive power) යන්නත් එමනිසා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33(2)(ඇ) වගන්තියෙහි දැක්වෙන බලය 70(1) වගන්තියෙන් සීමාවනවායැයි සදහන්කිරීම නිවැරදි නොවන බව නීතිපතිවරයාගේ අදහසයි.

පෙ.ව. 11.39 – නීතිපති දෙපාර්තමේන්තුව පෙත්සම් විභාගය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත්කිරීමට පෙර ජනාධිපතිවරයාගේ උපදෙස්ද සැලකිල්ලට ගත්බව සදහන් කළ නීතිපතිවරයා කෙසේ නමුත් එම කාර්යය තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාමාන්යයෙන් අනුගමනය කරන සම්මතයන් ඉක්මවා යෑමක් සිදුනොවූ බවත් සදහන් කළහ.

පැහැදිලිකිරීම් – නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වශයෙන් ප්රකාශ කළ අදහස්හි වලංගුභාවය සහ අපක්ෂපාතීත්වය තහවුරුකිරීමේ ප්රකාශයක් වශයෙන් ඉහත කරුණු දැක්වීම හදුනාගත හැකිය.

පෙ.ව. 11.00 – පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල දැක්වෙන 33(2)(ඇ) වගන්තිය 70 (1) වගන්තිය සමග කියවීම අවශ්ය නොවන බවත් 33(2)(ඇ) වගන්තිය විසින් ජනාධිපතිවරයාට ලැබෙන බලතල ක්රයාත්මකවීමට 70(1) වගන්තිය සීමාවක් නොවන බවත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය අදහස් දැක්වීමේ දී අධිකරණයට ප්රකාශ කළහ.

නීතිපතිවරයා යනු රජයේ ප්රධාන නීතීඥවරයා සහ රජයේ ප්රධාන නීති උපදේශකවරයාය. ඔහු සිය වෘත්තියේ වගකීමක් වශයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් ගනු ලබන තීන්දු තීරණ අධිකරණය ඉදිරියේ තහවුරුකිරීමට බැදීසිටී.

පෙ.ව. 10.32 – නීතිපතිවරයා විසින් කරුණු දැක්වීම ආරම්භ කරන ලදි. ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පදනම් කරගත් විධායකයේ බලතල දැක්වෙන 33(2)(ඇ) වගන්තිය අර්ථය පිළිබද සැක ඇති නොකරන (unambiguous) පැහැදිලි (clear) විධිවිධානයක්යැයි නීතිපතිවරයා ප්රකාශ කළහ.

පෙ.ව. 10.20 – ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට මැදිහත්වීම සදහා පාර්ශව 05 ක් විසින් ශ්රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. ප්රේමනාත් සී. දොලවත්ත, මහාචාර්ය ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, සහ චන්න ජයසුමන යන පාර්ශව මෙසේ මූලික නඩු විභාගය සදහා මැදිහත්වීමට අවසර ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙ.ව. 10.10 – පෙත්සම් විභාගයේ දෙවැනි දිනයේ කටයුතු ආරම්භවිය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා විසින් අධිකරණය ඉදිරියේ අදහස් දැක්වීමට නියමිතයි. නඩු විභාගය පැවැත්වෙන අධිකරන පරිශ්රය සහ ශ්රේෂ්ඨාධිකරණ භූමිය අවට සුවිශේෂ ආරක්ෂක විධිවිධාන සලසා ඇත.

පෙ.ව. 09.57 – සමස්තයක් වශයෙන් ගත් කල ඊයේ දිනයේ ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අදහස් දැක්වූ සියලුම පෙත්සම්කාර පාර්ශවයන්හි අදහස වූයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය ඇතුලත්ව 33 වන වගන්තිය යනු හුදෙක් ජනාධිපතිධුරයේ බලතල නිර්ණය කරන (empowering provision) වගන්තියක් බවත්, එයින් කියැවෙන බලය ක්රියාත්මකකිරීමේදී ඒ සදහා ව්යවස්ථාවේ සෙසු තැන්වල දැක්වෙන කාර්යපටිපාටි දැක්වෙන වගන්ති (procedural provisions) පදනම් කරගත යුතුබවත්ය. ඒ අනුව 33(2)(ඇ) වගන්තිය හරහා විධායක ජනාධිපතිධූරයට හිමිවන බලය හුදෙක් නිර්බාධිත පරම බලයක් (unfattered power) නොවන අතර එම බලය ආණ්ඩුක්රම ව්යවස්ථාවේම 70(1) වගන්තිය හරහා කියැවෙන කාර්යපටිපාටි විධිවිධානයන්ගෙන් සීමාවන්නකි.

පෙ.ව. 07.15 – පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වෙනුවෙන් කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති ජයන්ත ජයසූරිය, සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා, නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ, අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දික දෙමුනි ද සිල්වා, සහ රජයේ ජේ්ය්ෂ්ඨ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීන් පෙනී සිටීමට නියමිතය.
www.samabima.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article