Wednesday, December 25, 2024

ශ්‍රී ලංකා සිම්බාබ්වේ මීලග තරගයට පෙර අලි ඉවත් කිරීමේ මෙහෙයුමක්

Must read

හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල සැරිසරන අලි 30 දෙනෙකුගෙන් පමණ සමන්විත අලි රංචුවක් එළඹෙන ජුලි 6 වනදාට පැවැත්වීමට නියමිත තරගයට පෙර ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්ථා වනවා. තරගය පවත්වන අවස්ථාවන් වලදී  ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකයත් සමග අලින් කලබල විය හැකි බැවින් නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

පාරිසරික සාධක සැලකිල්ලට නොගනිමින් පසුගිය රජය විසින් ඉදිකල මේ ක්‍රීඩාංගනය හේතුවෙන් බූන්දල ජතික වනෝද්‍යානය හරහා යාල හා උඩවලව වනෝද්‍යානයන් යා කල බිම් ප්‍රදේශ අවහිර වීම නිසා මෙම අලි රංචුව ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට හිරවී සිටින බවයි වාර්ථා වන්නේ.මෙම නොසැලකිලිමත් ඉදිකිරීම් නිසා මේ වන විට වටිනා මිනිස් ජීවිත මෙන්ම අලින්ගේ ජීවිත රාශියකුත් නැතිවී තිබෙනවා.

斯里兰卡汉班托塔马欣达·拉贾帕克萨国际板球场

 

මූලාශ්‍රය – http://www.srilankamirror.com/news/3746-wild-jumbos-to-be-driven-away-before-suriyawewa-game

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article