Saturday, September 21, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් උත්තේජක පරීක්ෂාවකට

Must read

7675492-3x2-700x467

හෙට (මාර්තු 07) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කෙරිණ.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන් හා කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කෙරුන ක්‍රීඩකයන් තිදෙනාය.

ටෙස්ට් තරගාවලි ආරම්භ වීමට ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අහඹු ලෙස තෝරාගත් ක්‍රීඩකයන් මෙසේ පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

බංග්ලාදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කර තිබේ.

තරගාවලියකට පෙර හා තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කෙරෙන අතර, ක්‍රීඩා නොකරන අවස්ථාවලදීත් ඇතැම්විට ක්‍රීඩකයන් පරික්ෂාවට ලක් කෙරේ.

ආරම්භක පිතිකරු

මේ අතර හෙට ආරම්භවන ටෙස්ට් තරගයේදී උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස හා නිරෝෂන් දික්වැල්ල කඩුළු රකින්නා ලෙස කටයුතු කරන බව කණ්ඩායමේ නායක රංගන හේරත් අද ගාල්ලේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.

හෙට තරගයට ක්‍රීඩා කරන සම්පූර්ණ කණ්ඩායම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.

 

 

උපුටාගැනීම – http://www.bbc.com/sinhala

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article