Monday, December 30, 2024

ශ්‍රි ලංකාවේ වැඩිම මාර්ග නීති කඩකරන්නේ පොලීසියයි – ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර

Must read

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පොලීසිය මෙරට විශාල වශයෙන්ම මාර්ග නීති කඩ කරන්නන් බවයි.

එහිදී ඔහු සදහන් කර සිටියේ කිසිදු පොලිස් රථයකට රක්ෂණ සහතියක් හෝ ආදායම් බලපත්‍රයක් හෝ දුම් පරීක්ෂණ වාර්ථාවක් නොමැති බවයි. එලෙසම කිසිදු රථයක් තෙවන පාර්ශවීය රක්ෂණයක්(third-party insurance) හෝ සිදුකර නොමැති බැවින් යම් අවස්ථාවක පොලිස් රථයක් අනතුරකට ලක්වුවහොත් එහි රියදුරු පොලිස් නිලධාරියා විසින් එම සියළුම මුදල් අනෙක් පාර්ශවයට ගෙවිය යුතු අතර ඒ හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් තම සේවා කාලය පුරාම එසේ මුදල් ගෙවීම් සිදුකරන බවත් දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සදහන් කලේය.

පොලිස් ජීප් රථවල පමණක් නොව පොලිස් කාර් රථ හා මෝටර්සයිකල් වලද තත්වය මෙය බවත් නීතිමය ලියකියවිලි කිසිවක් නොමැතිව ධාවනය මෙම පොලිස් රථ හේතුවෙන් වෙනත් රියදුරන් මෙන්ම පදිකයන්ද දැඩි අපහසුතාවයට පත්වන අවස්ථාවන් ඇති බව ඔහු සදහන් කලේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article