Sunday, June 30, 2024

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් රාමේෂ්වරම් ධීවරයින් එක් දින වැඩ වර්ජනයක්

Must read


දේශසීමා හරහා ධීවර කටයුතුවල නිරත වූ රාමේෂ්වරම් ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හෙළා දකිමින් සහ බන්ධනාගාරගතව සිටින ධීවරයින් නිදහස් කිරීමට මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ට බලකරමින් රාමේෂ්වරම් ධීවරයින් අද (24) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

ධීවරයින්ගේ මෙම වර්ජනය හේතුවෙන් බෝට්ටු 800කට අධික ප්‍රමාණයක් මසුන් ඇල්ලීමට මුහුදට නොගොස් වෙරළේ නැංගුරම් ලා ඇති අතර ධීවරයින් පන්දහසකට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා උදෑසන රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ රාමේෂ්වරම් ධීවර වරායෙන් ධීවර යාත්‍රා 507කින් ධීවරයින් 5000කට අධික පිරිසක් මසුන් ඇල්ලීමට ගියහ.

ඉරිදා අලුයම එම ධීවරයින් දිවයිනේ වෙරළ තීරයේ මසුන් අල්ලමින් සිටියදී ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව  ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ප්‍රාදේශීය පොලිස් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර  ඔවුන්ව යාපනය බන්ධනාගාරය තුළ රදවන ලදී.

මෙම ධීවර වැඩවර්ජනය හේතුවෙන් ධීවරයන් 800කට අධික ප්‍රමාණයක් මසුන් මැරීමට නොගොස් වෙරළේ නැංගුරම් ලා ඇති අතර ධීවරයින් 5,000කට වැඩි පිරිසකට සහ යැපෙන්නන් 10,000කට වැඩි පිරිසකටද වක්‍ර රැකියා අහිමි වී ඇත.

මෙම වැඩ ඇණහිටීම හේතුවෙන් රුපියල් කෝටියක විදේශ විනිමය හානියට පත්ව ඇති අතර රාමේෂ්වරම් ධීවර වරාය පාළුවට ගොස් ඇත.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article