දේශ සීමාව හරහා මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා බන්ධනාගාරවල සිටින ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රාව වහා නිදහස් කරන ලෙස බලකරමින් ඊයේ (28) පෙරවරුවේ උපවාසය ආරම්භ කළ ධීවරයින් සිය විරෝධතාවය සවස් වනවිට අවසන් කරන ලදී.
විරෝධතාව නවත්වන ලෙස රජයේ නිලධාරීන් ධීවරයින් සමඟ කළ සාකච්ඡා පිළිනොගැනීම ධීවරයින් ප්‍රතික්ෂේප කර ඇති අතර තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.
තමිල්නාඩුවේ ධීවරයින් සියයකට අධික පිරිසක් දේශ සීමාව හරහා මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වී අධිකරණ භාරයේ සිටියද ශ්‍රී ලංකා බන්ධනාගාරවල රඳවා ඇත. එලෙසම බෝට්ටු සියයකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව ඇත.
ශ්‍රී ලංකා බන්ධනාගාරවල සිටින ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා වහා නිදහස් කරන ලෙස බලකරමින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සියලුම ධීවරයින්, ශ්‍රී ලංකා බන්ධනාගාරවල සිටින ධීවරයින්ගේ පවුල් සහ ඔවුන්ගේ බෝට්ටු ඇතුළු සියලුම ධීවරයින් රාමේෂ්වරම් අසල තංගචිමඩම්හිදී උදෑසන සිට රාත්‍රිය දක්වා අඛණ්ඩ උපවාසයක නිරත වූහ.
පසුව සවස් වරුවේ සිය උපවාසය අත්හළ ධීවරයෝ ඊයේ (28) රාත්‍රියේ සිට එම උපවාස ස්ථානයේම අඛණ්ඩ උපවාසයක නිරත වූහ.
ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදෙන බවට මධ්‍යම අමාත්‍යවරයා හෝ මධ්‍යම රජයේ නිලධාරීන් පොරොන්දු වන තුරු මෙම උපවාසය දිවා රාත්‍රී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ධීවරයෝ පැවසූහ.