Sunday, December 22, 2024

වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි

Must read

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගිය 19 වනදා  දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කර සිටියදී  28 හැවිරිදි  මව සහ බිළිදෙකු මියයාමේ සිද්ධිය දැඩි ඛේදවාචකයක් ඇති කර තිබෙනවා. මෙම සිදුවීම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවට  ඥාතීන් චෝදනා කර සිටිති. මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වනජා නමැති මෙම තරුණ මව විවාහ වී වසර 10ක් ගතවී ඇති අතර ඇයගේ පළමු දරු ප්‍රසූතිය මෙය  වී ඇත. මෙම සිදුවීමට විරෝධය පා 19 සහ 20 යන දිනවල මන්නාරම රෝහල අවට විශාල ජනතාවක් පාර අවහිර කරමින් විරෝධය දක්වන ලදී.

වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමක් කිරීමට උත්සාහ කළද මෙම කාන්තාවට මීට පෙර හුස්ම හිරවීම හේතුවෙන්  නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා  මව සහ දරුවා දෙදෙනාම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන්ගේ සහ හෙද නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත් ඥාතීන්ට නොකියා දීර්ඝ කාලයක් මරණය සඟවාගෙන සිටි බවත් මියගිය කාන්තාවගේ දේහය බැලීමටවත් දෙමාපියන්ට ඉඩ නොදුන් බවත් ඥාතීන් චෝදනා කරයි. මියගිය කාන්තාවගේ මරණයට සැබෑ හේතුව හෙළිවන තුරු ඇයගේ සිරුර භාර නොගන්නා බව පවසමින් කාන්තාවගේ ඥාතීන් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

එම මාතෘ රෝහලේ සේවය කරන ඇතැම් කාර්ය මණ්ඩලය නිරතුරුව නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන බවත්, වැඩ කරන වේලාවන්හි නාට්‍ය නරඹමින්, දුරකථන භාවිතා කරන බවත්, බල්ලන් මාතෘ රෝහල තුළ හිටගෙන සිටින බවත්, තමන්ට ඒවා නොපෙනෙන බවත් ප්‍රසූතියට ඇතුළත් වූ කාන්තාවන් වාර්තාවේ.

මෙම වසරේ මන්නාරම මහ රෝහලේ මාතෘ වාට්ටුවේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ තුන්වන මරණය මෙය වීම විශේෂත්වයකි. එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article